Post Thumb

සිරුරට භූමි තෙල් දමා  බිරියක ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධියක වරදකරු වූ පුද්ගලයකුට යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා බරපතල වැඩ සහිත දස වසරක සිරදඬුවමක් අද (6) නියම කළේය.

එමෙන්ම වරදකරු හට රුපියල් 5000ක දඩයක්ද ගෙවන ලෙස නියම කළ විනිසුරුවරයා දඩය නොගෙවන්නේ නම් තවත් තෙමසක සිරදඬුවමක්ද නියම කරනු ලැබීය.

මෙලෙස වරදකරු වූයේ යාපනය වඩමාරච්චි ප්‍රදේශයේ පදිංචි අන්තෝනිමුත්තු ඥානදාස් නැමති පුද්ගලයෙකි.
 

  • Views 3