Post Thumb
රික්ටර් මාපාංකයේ 5.5 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.
 
ඉන්දියාවේ - නවදිල්ලි නුවර මෙම භූ කම්පනය සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
 
එය රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 5.5 ක් ලෙසයි.
 
ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශකර ඇත්තේ උත්තර්කාන්ද් ප්‍රදේශය ආශ්‍රිතව කිලෝමීටර් 30 ක පමණ ගැඹුරකින් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි. 
 
තවත් ප්‍රදේශ කිහිපයකට මෙම කම්පනය දැනී ඇති බවද වාර්තා වෙයි.
 
කෙසේවෙතත් මෙමගින් සිදුවු කිසිදු හානියක් මෙතෙක් වාර්තා වී නොමැති අතර අද රාත්‍රී 8.49 ට මෙම භූ කම්පනය සිදුව තිබේ
  • Views 2