Post Thumb

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් කමිටුව සඳහා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන නම් කර තිබේ.

ඉන්දියාවෙන් මෙම කමිටුව සඳහා රාහුල් ඩ්‍රාවිඩ් යෝජනා වී ඇති අතර මොවුන් දෙදෙනා විශ්‍රාමලත් ක්‍රීඩකයින් නියෝජනය කිරීම සඳහා නම් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ විශිෂ්ට තරග තීරකයෙකු වන රංජන් මඩුගල්ලේ මහතාද මෙම කමිටුව සඳහා නම් කර තිබේ.  

මෙම කමිටුවේ කාල සීමාව වසර 03 ක් වන අතර එහි සභාපති වශයෙන් ඉන්දියාවේ අනිල් කුම්බ්ලේ නම්කර තිබේ.

  • Views 91