Post Thumb

ඛනිජතෙල්  සංස්ථාවේ  සේවක වැටුප්  සියයට  35 කින්  පමණ වැඩි කිරිමට  ඇමැති අර්ජුන රණතුංග මහතා  ගෙනා යෝජනාවකට  මුදල්  ඇමැති  මංගල සමරවීර  මහතා  ඊයේ (2) පැවති  කැබිනට්  රැස්වීමේ දී  විරෝධය පළ කර ඇතැයි රජයේ ආරංචි  මාර්ග සඳහන්  කරයි.

සේවක වැටුප්  සියයට  35 කින්  පමණ වැඩි කළ යුතු බවට  යෝජනා  කරමින්  ඇමැති  අර්ජුන රණතුංග මහතා කැබිනට්  මණ්ඩලය වෙත සංදේශයක් ඉදිරිපත් කර  තිබු  බව එම ආරංචි  මාර්ග කියයි. 

එහෙත් ඊට  එකඟවිය නොහැකි බව මංගල සමරවීර  ඇමැතිවරයා  එහිදී පෙන්වා දී ඇතැයි  වාර්තා වේ.

ඛනිජ තෙල් සංස්ථාවේ  සේවක වැටුප් මෙතරම්  ප්‍රමාණයකින්  වැඩිකිරිම මගින්, අනෙකුත්  රජයේ ආයතනවලද ගැටලු මතුවිය හැකි බව ඇමැති මංගල සමරවීර  මහතා ප්‍රකාශ  කර  ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

- ලංකාදීප

  • Views 4