Post Thumb

දේශිය සහ ස්පාඤ්ඤ සමාගම් දෙකක් එක්ව 2016 වසරේ ආරම්භ කළ රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් මාස 11ක් වැනි කාලයකින් නිම කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

 මෙම ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණේ මෙම වසර අවසානයේ වුවද ලබන 8 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

 

මීටර් 180ක පිවිසුම් මාර්ගයක් හා මංතීරු හතරකින් මෙම ගුවන් පාලම සමන්විත වන අතර පාලමෙහි දිග මීටර් 534ක් වේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළ පරිදි මේ සඳහා රුපියල් මිලියන 4700ක් වැය කර ඇත.

 

බුත්ගමුව මාර්ගය මංතිරු 03කිනුත්, නාරාහේන්පිට දෙසට විකල්ප මාර්ගයකුත් සහිතව රාජගිරිය අවට මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමට නියමිතය.

  • Views 4