Post Thumb

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් රාජගිරිය මංසන්ධියේ ඉදි කළ ගුවන් පාලම අද උදෑසන විවෘත කෙරිණි.

මෙහිදී ජනාධිපතිවරයා ජනතාව අමතමින් පවසා සිටියේ මෙම ගුවන් පාලම අපවත් වී වදාළ පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නාහිමියන්ගේ නාමයෙන් නම් කරන ලෙස බොහෝ දෙනා තමාගෙන් ඉල්ලා සිටි බවයි.

දේශිය සහ ස්පාඤ්ඤ සමාගම් දෙකක් එක්ව 2016 වසරේ ආරම්භ කළ ගුවන් පාලමේ ඉදිකිරීම් මාස 11ක් වැනි කාලයකින් නිම කිරීමට ජනාධිපතිවරයා දී තිබූ උපදෙස් අනුව අද උදෑසන මෙලෙස රාජගිරිය ගුවන් පාලම විවෘත කෙරිණි.

මීටර් 180ක පිවිසුම් මාර්ගයක් හා මංතීරු හතරකින් මෙම ගුවන් පාලම සමන්විත වන අතර පාලමෙහි දිග මීටර් 534ක් වේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළ පරිදි මේ සඳහා රුපියල් මිලියන 4700ක් වැය කර ඇත

  • Views 4