Post Thumb

යාපනයේ පුතුර් ප්‍රදේශයේ විසූ පාසල් ශිෂ්‍යයෙකු විදුලි සැර වැදී මියගොස් තිබේ.

බාස්කරන් දර්ශන් නැමති මොහු පසුගිය දිනවල පැවති අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයෙකි.

පසුගිය ඉරිදා (07) සවස මෙම බාස්කරන් සිසුවා මිතුරකු සමඟ නිවසේ සිට නිවස ඉදිරිපිට ස්ථානයකට විදුලි බලය ලබා ගැනීමට යාමේ දී විදුලි රැහැන ඔහුගේ ශරීරයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

සිද්ධිය සිදුවූ සැනින් බාස්කරන් සිසුවා යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඔහුව රෝහලට අතුළත් කරන විට මිය ගොස් තිබේ.

මෙම සිසුවා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ශණය පැවැත්වීමට නියමිතව ඇති අතර යාපනය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

  • Views 7