Post Thumb
කිලිනොච්චිය හා මාන්කුලම අතර කොකාවිල් ප්‍රදේශයට නුදුරින් 9 දා රාත්‍රී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් හතර දෙනෙකු සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබේ.
 
අනතුරින් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.
 
කොළඹ සිය යාපනය දක්වා ගමන් කළ වෑන් රථයක් ඒ-9 මාර්ගයේ ටිපර් රථයක ගැටීමෙන් මෙම් අනතුර සිදුව තිබේ.
 
මළ සිරුරු මේ වන විට කිලිනොච්චිය රෝහල වෙත රැගෙන ගොස් ඇත.
 
වෑන් රථයේ රියදුරු පාර අයිනේ නතර කොට තිබූ ටිපර් රථය නොදැකීම නිසාත් වෑන් රථය අධික වේගයෙන් ධාවනය වීම නිසාත් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.
 
කිලිනොච්චිය  පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යයි
  • Views 4