Post Thumb

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය හා මාන්කුලම අතර කොකාවිල් ප්‍රදේශයට නුදුරින් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් හතර දෙනෙක් මියගොස් තවත් අයකු බරපතල තුවාල ලැබූ බව මාන්කුලම් පොලීසිය පවසයි.
 
කොළඹ සිට යාපනය දක්වා ගමන් කළ වෑන් රථයක් ඒ-9 මාර්ගයේ කොකාවිල් ආසන්නයේ නවතා තිබූ ටිපර් රථයක හා ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
 
අනතුරින් මිය ගිය අයගේ මළ සිරුරු කිලිනොච්චිය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා ද කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබන බව  කිලිනොච්චිය පොලිසිය කියයි.
 
වෑන් රථයේ රියදුරු පාර අයිනේ නතර කොට තිබූ ටිපර් රථය නොදැකීම නිසා හෝ වෑන් රථයේ රියදුරුට නින්ද යාම නිසාවෙන් හෝ වෑන් රථය අධික වේගයෙන් ධාවනය වීම නිසාත් මෙම අනතුර සිදු වී ඇත.

  • Views 4