Post Thumb

මාරවිල - තුම්මෝදර ප්‍රදේශයේ මහා පරිමාන ලෙස පවත්වා ගෙන ගිය කසිප්පු පෙරුම් පොලක් වැටලීමට මාරවිල පොලීස් නිලධාරීන්ට හැකි වී ඇත. තුම්මෝදර ඇල ආසන්නයේ ඉතාමත්ම සුක්ෂම ලෙස සකස් කරන ලද ස්ථානයක සැකකරුවන් කසිප්පු පෙරුම්පොල පවත්වා ගෙන ගොස් ඇත.

පසුගිය 10 වැනිදා සවස මෙම වැටලීම සිදු කර ඇති අතර වැටලීම සිදු කරන විට එම කසිප්පු නිෂ්පාදනය කිරීමට සුදානම් වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක්ව පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

 

එම කසිප්පු පෙරුම් පොලේ තිබී කසිප්පු නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා ගෝඩා ඩ්‍රෑම්ස් 21,600 ක් අඩංගු බැරල් 10 ක්,තඹ දගර 01 ක් ද ඇතුළු උපකරණ කට්ටලයක් පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරුවන්ද තුම්මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකරුවන් මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මාරවිල පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.ඩී.ආර්.ප්රිතයන්ත මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂකවරුන් වන විජිත දිසානායක,ගයාන් පුෂ්පකුමාර,පොලිස් සැරයන්වරුන් වන 23358 අනුර,57615 නිමල්,පොලිස්

කොස්තාපල්වරුන් වන 47270 සුජිත් සහ 66695 ගයාන් යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

 

  • Views 6