Post Thumb

ඌව පළාතේ දේශපාලන බලධාරියෙකු විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනියක් තම නිල නිවසට කැඳවා දණ ගස්වා සිසුවියක් ඇතුළත් කිරීමට බලැපෑම් කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කිර්ති තෙන්නකෝන් මහතා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇත.  

 

එම දෙමළ බාලිකා විද්‍යාලයට සිසුවියක් ඇතුළත් කරගැනීමට සිසුවියගේ දෙමව්පියන් විසින් අදාළ දේශපාලනඥයාගේ ලිපියක් රැගෙන  විදුහල්පතිනිය හමුවීමට ගොස් ඇති අතර අදාල විදුහල්පතිනිය එම ලිපිය ප්‍රතික්ෂේප කරමින් තමන් දේශපාලඥයන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමට බැඳී නොසිටින බව අධ්‍යාපන අමාත්‍යංශ බලධාරීන්ගේ නියෝගවලට පමණක් තමන් කටයුතු කරන බවත් ඇය අදාල දෙමව්පියන්ට ප්‍රකාශ කර තිබේ.

 

 

මේ සම්බන්ධයෙන් රාජ්‍ය සේවයේ ගරුත්වය කෙලෙසන ශීලාචාර නොවන, අමානුෂික ක්‍රියාවක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ හැඟීම බැවින් මේ පිළිබඳව සොයා බලා සුදුසු පියවරක් ගන්නා මෙන් තමන් ඉල්ලා සිටින බව කිර්ති තෙන්නකෝන් මහතා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කොට ඇති ලිපියෙන් ඉල්ලා සිටී.

  • Views 5