Post Thumb

ගනේමුල්ල ගුවන් පාලම අද සිට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ. 2016-04-19 දින අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සුරතින් ගනේමුල්ල ගුවන් පාලම ඉදිකිරීම සඳහා මුල් ගල තබා තිබේ.

මීටර 300 ක දිගින් යුතු පිවිසුම් මාර්ගයත් සමඟ ගනේමුල්ල ගුවන් පාලමේ සම්පූර්ණ දිග ප්‍රමාණය මීටර 504 කි. 

මංතීරු  2ක් සහිතව ඉදිකරන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1,768.21 වැය වී ඇත. 

මෙම ගනේමුල්ල දුම්රිය මාර්ගය හරහා දිනපතා දුම්රිය වාර 154 ක් ගමන් කරන බැවින් පැය 02 ක පමණ කාලයක් ප‍්‍රධාන මාර්ගය වසා තබයි. 

එමනිසා ඇතිවූ වාහන තදබදය නිසා ප‍්‍රවාහන ජාලයේ ඇති වූ අසීරුතාවය මෙම ගුවන් පාලම ඉදිකිරීම නිසා පහසු වී ඇත.එබැවින්මාස 20ක් තුළ ගනේමුල්ල ගුවන් පාලමේ වැඩකටයුතු නිමා කර තිබේ.

  • Views 4