Post Thumb

දෙවුන්දර මුහුදේදී  සිදු වූ අනතුරින් මියගිය ධීවර වෙළෙන්දන් දෙදෙනාගේ පවුල්වලට රුපියල් මිලියනය බැගින් වන්දි ලබාදීමට පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී ඇත.

09 වනදා රාත්‍රියේ දෙවුන්දර මුහුදේදී දෙදිනක ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටීමෙන් මෙම ධීවරයින් දෙදෙනා මියගොස් ඇත.එමෙන්ම තවත් ධීවරයෙකු අතුරුදන් විය.

මියගිය  ධීවරයින් දෙදෙනාගේ පවුල්වලට රුපියල් මිලියනය බැගින් වන්දි ලබාදීමට අමතරව ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට ද පවුල්වල නඩත්තුව සඳහා මාසික දිමනාවක් ලබාදීමට ද ධීවර අමාත්‍යංශය තීරණය ගෙන තිබේ.

 

 

  • Views 6