Post Thumb

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනුරාධපුර උතුම් වූ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළමු රැළිය ඊයේ දින එනම්  වන දා අනුරාධපුරයේ පැවැත්වෙන අතර ඊට සහභාගී වීම සඳහා එහි ගිය ජනාධිපතිවරයා ඊයේ පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැදපුදා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙහිදී ජනාධිපතිවරයා අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම සිරි නිවාස නා හිමියන්ද බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසා බලා ඇත. උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත සිය ආශිර්වාදය පල කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

  • Views 5