Post Thumb

පොළොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරන ලද්දේ සෑම ආණ්ඩුවක් පවතින කාලයකම සිදු වූ මහා පරිමාන වංචා හා දූෂණ ශ්‍රී ලංකාවේ දුප්පත්කම ඉහළ යාමට හේතු වී ඇති බවයි.  දේශපාලනඥයින්, රජයේ නිළධාරින් සහ දුෂිත ව්‍යාපාරිකයින් මෙම වංචා සහ දූෂණවලට වගකිව යුතු බව එතුමා එහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී. වංචා දූෂණ නැති කරමින් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් රට තුළ ගොඩනැගීම සඳහා තමන් ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගැනිමට හේතු වූ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින ලදී. 

 

  • Views 5