Post Thumb

පෞද්ගලික රෝහල්වල ශල්‍යකර්ම සඳහා අය කරන මුදල් වලට සීමාවක් නියම කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. දැනට එකම වර්ගයේ සැත්කමක් සඳහා එක් එක් පෞද්ගලික රෝහල්වල විවිධ මිල ගණන් අය කරන බවත් එය රෝගී ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කරන බවත් එහි ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසා සිටී‍. ඊට අදාලව පෞද්ගලික රෝහල් නියාමන පනතේ ප්‍රතිපාදන යටතේ සැත්කම් සඳහා උපරිම මිල සීමාවක් පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව සෑම පෞද්ගලික රෝහලක ම සැත්කම් සඳහා අය කරන මිල ගණන් පරික්ෂා කර ලබා ගන්නා දත්ත අනුව ඉදිරි මාස 06 තුළ නියම මිල නීර්ණය කරනු ලැබේ. එම නියම මිල අය කරන පරිදි නීති සම්පාදනය කිරීමට ද නියමිත ය. 

  • Views 4