Post Thumb

ඉදිරි පැය 24 ක කාලය තුළ ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලට මිලි මීටර 150 ක් පමණ වු වර්ෂාපතනයක් ලැබිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

අද දහවල් 12 ට නිකුත් කරන ලද මෙම නිවේදනයට අනුව දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන අතර දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරව පවතින බව ද එම නිවේදනයේ දැක්වෙයි.

දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන අතර දකුණු සහ බස්නාහිර පළාත් වල සමහර ස්ථානවලට තද වැසි (මි.මී. 100 පමණ) ඇති විය හැකි බව ද වාර්තා වෙයි.එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ අංශ අනතුරු අඟවයි.


 

  • Views 7