Post Thumb

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ළමුන් විවිධ ක්‍රම ඔස්සේ දේශපාලන කටයුතු සඳහා සහභාගීකරගන්නා බවට තොරතුරු ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරීයේ සභාපතිනී නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය පවසයි.ඒ අනුව දේශපාලන කටයුතු සඳහා ළමුන් යොදාගැනීමෙන් වලකින ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලින් ඉල්ලීමක් කර තිබේ.

ළමුන් දේශපාලන කටයුතුවලට සහභාගී කරගැනීම මගින් ඔවුන් කායික හෝ මානසික හිංසනයට ලක්වන්නේ නම් එය ළමා අපයෝජනයක් බව ඇය පෙන්වාදෙයි.එවැනි සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු ළමා ආරක්ෂක අධිකාරීයේ 1929 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ද සභාපතිනිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

  • Views 6