Post Thumb

සිසුවෙකුට ලබා දුන් දඬුවමකට කුපිත වූ සිසුවාගේ පියා ඇතුළු පිරිසක් විදුහලට පැමිණ ගුරුවරයාට පහර දීමේ පුවතක් ඊයේ ( 01 ) වාර්තා වේ.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ ආලංකුඩා මුස්ලිම් විද්‍යායේ 10 ‍ශ්‍රේණිය පංති භාර ගුරුවරයා වන අතර මොහු මේ වන විට පුත්තලම මුලික රෝහලේ ප්‍රතිකාර ලබයි .

ගුරුවරයා පොලිසියට ලබා දි ඇති ප්‍රකාශයේ සඳහන්ව  ඇත්තේ තම  පංතියේ අධ්‍යාපනය ලබන සිසුවකු දිගින් දිගටම සිසුවියන් ට නොහොබිනා ලෙස විසුළු කරමින් හැසිරීම ගැන අවවාද  කිරීම මේ පහර දීමට ප්‍රධාන හේතුව බවයි. මේ සිසුවාට උපදේශන පවා ලබා දී තිබුනද මෙදිනද තමා ඉදිරිපිට සිසුවියටක හිරිහැර කරන අයුරු දැකීමෙන් පසු එයට අවවාද කිරීම පහර දීමට ආසන්නතම හේතුව බවයි .

මේ අවවාද කිරීමෙන්  පසුව සිසුවා පාසලට නොදන්වා පාසලෙන් නිවසට ගොස් පියාට දන්වා ඇති බවත් තම දරුවාට අවවාද  කිරීමට  කුපිත වු පියා තවත් පිරිසක්  රැගෙන  පාසලට කඩා  වැදී පංතියේ සිටි තමාට පංති කාමරයෙන් ඇදගෙන ගොස් පහර දුන් බවද  ගුරුවරයා නොරෝච්චෝල පොලිසියට ප්‍රකාශ කර ඇත . 

 

 

  • Views 8