Post Thumb

බේරුවල පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබාදීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බේරුවල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකු විසින් ගව සොරකමක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති වෑන් රථයක් මුදාගැනීම සඳහා රුපියල් 25,000ක මුදලක් පොලිස් ස්ථානාධිපතිවරයා වෙත අල්ලස් වශයෙන් ලබාදීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවා අද (02) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

  • Views 5