Post Thumb

බොරැල්ල, ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී  හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 26යි මිලිග්‍රෑම් 230ක් සොයාගෙන තිබේ.  මෙම සැකකාරිය  බොරැල්ල ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි කාන්තාවකි.

බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාල සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළේය. අත්අඩංගුවට ගත් සැකකාරිය  අද (02) මාලිගාකන්ද  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

  • Views 6