Post Thumb

එංගලන්ත දේශීය විස්සයි20 ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්නට අවස්ථාව ලැබී ඇත. ඒ නෝතැම්ප්ටන්ෂයර් කණ්ඩායම එළැබෙන තරඟාවලිය වෙනුවෙන් සීක්කුගේ ප්‍රසන්න හා ගිවිසුම් ගතව ඇති හෙයින්ය.

නෝතැම්ප්ටන්ෂයර් කණ්ඩායම ලිසෙස්ටර්ෂයර් කණ්ඩායමට එරෙහිව පළමු තරඟයට ජූලි 04 දා ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරඟයේ පටන් සීක්කු නෝතැම්ප්ටන්ෂයර් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතය. සීක්කු ටෙස්ට් තරඟයකදී එක්දින තරඟ 38කදී හා විස්සයි20 තරඟ 20 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.  

අද 

  • Views 4