Post Thumb

නිළ ඡන්ද පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදාහැරිමේ කටයුතු ඊයේ (04) දිනයෙන් අවසන් වූ බැවින් නිළ ඡන්ද පත්‍රිකා මෙතෙක් නොලැබුණු ඡන්ද දායකයින්ට අද (05) දිනයේ සිට තැපැල් කාර්යාලවලට ගොස් ඡන්ද පත්‍රිකා ලබා ගැනිමේ හැකියාව පවතින බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා පවසයි.

ඒ අනුව තවදුරටත් ඡන්ද පත්‍රිකා ලැබී නොමැති නම් සිය  ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් අන්‍යයතාවය තහවුරු කර ඡන්ද පත්‍රිකා ලබා ගත හැකි බව එතුමා වැඩිදුරටත් සදහන් කළේය.

  • Views 6