Post Thumb

 

අද(05) අළුයම කොටුව ප්‍රධාන වීදියේ රෙදිපිළි වෙළඳසැලක ගින්නක් හට ගෙන ඇති අතර  කොළඹ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන්, ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව මෙම ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබේ.

එහෙත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන්  කිසිඳු ජීවිත හානියක් සිදුව නැත.

එමෙන්ම ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර කොටුව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

  • Views 4