Post Thumb

බැඳුම්කර සිද්ධියේ පළමු සැකකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් තමා අත්අඩංගුවට පත්වීමෙන් වළක්වා ගැනීම සඳහා නීතියේ සහය පතමින් සිටින බව වාර්තා වේ.

ඔහු මෙරට පුරවැසියෙක් නොවන තත්ත්වයක් තුළ එසේ අත්අඩංගුවට ගත නොහැකි බව පවසන ඒ මහතා අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව පිළිබඳව සිංගප්පූරුවේ සහ ශ්‍රී ලංකාවේ නීතීඥ කණ්ඩායමක් සමග සාකච්ඡා කරමින් සිටින බව නීති ක්ෂේත්‍ර ආරංචි මාර්ග සඳහන් කරයි.

සිංගප්පූරුවේ පුරවැසියෙක් වන අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ලබන 15 වන දිනට පෙර ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

ඔහු මෙම දිනය ද දීර්ඝ කර ගැනීමේ උත්සහයක නිරත වන බව පැවසේ. එම සිදුවීමේ දෙවැනි සැකකරු වන අර්ජුන් ඇලෝසියස් සහ තෙවැනි සැකකරු වන කසුන් පලිසේන මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

  • Views 5