ජනාධිපතිගේ ප්‍රකාශය අසා මම විස්මයට පත් වුණා - ජනාධිපතිතුමා කීවේ බොරු...

කරුණු සිතාමතා සත්‍යය විකෘති කිරීමක් - අසත්‍ය කරුණු කීමට ජනාධිපතිතුමා පෙළඹූයේ කවුද ?

මාරපන තීන්දුවත් කැකිල්ලේ තීන්දුවක් - නායකයින් ඝාතනය කිරීමට මාධ්‍යත් හවුල්

රවී පාර්ලිමේන්තුමේදී කියයි...

බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ප්‍රකාශය අසා තමන් ඇතුළු පවුලේ සියලු දෙනා විස්මයට පත් වූ බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. එතුමා අද (06) පාර්ලිමේන්තුවේ පැවැති බැඳුම්කර විවාදයට එක් වෙමින් වැඩිදුරටත් කියා සිටියේ බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ජාතිය අමතා කළ ප්‍රකාශය සත්‍යයෙන් තොර බවයි. එහි තමන් ගැන ඇතුළත් කරුණු සිතාමතා විකෘත කළ එකක් බවද එවැනි විකෘත කළ ප්‍රකාශයක් ජාතිය අමතා පැවසීමට ජනාධිපතිතුමා පෙළඹූවේ කවුරුන්ද යන්න ගැනත් රවී කරුණානායක මහතා ප්‍රශ්න කළේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ ජනාධිපතිතුමා කළ ප්‍රකාශයෙන් තමන්ගේ කීර්ති නාමයට දැඩි හානියක් වූ බවයි. මාරපන වාර්තාව කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දුවක් බවත් එමඟින් තමන්ගේ දේශපාලන ජීවිතය කොටු කිරීමට උත්සාහ ගෙන ඇති බවත් රවී කරුණානායක මහතා අද පැවසීය. රවී කරුණානායක මහතා කළ ප්‍රකාශය ඇතුළත් විඩියෝව නැරඹීමට මේ ලින්ක් එකට පිවිසෙන්න...

  • Views 5