Post Thumb

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය මව් රටේදී පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරඟය පැවැත්වීමට සූදානම් වනවා.

 විශේෂත්වයක් වන්නේ ඔවුන්ගේ ප්‍රතිවාදී කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකාව වීමයි.

 ලබන ජූනි මස 23 වනදා මෙම තරඟය පැවැත්වෙන්නේ බාර්බඩෝස්හි ‍කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේදීයි.  

එමෙන්ම මෙම තරඟය දීර්ඝ කාලයක‍ට පසු ශ්‍රී ලංකා කණ්ඩායම කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩංගණයේදී ටෙස්ට් තරඟයකට සහභාගී වන අවස්ථාව ලෙසට ද ඉතිහාසයට එක්වනු ඇති.

එමෙන්ම වසර 10කට පමණ පසු ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍යයේ තරඟ සංචාරයකට එක්වෙන පළමු අවස්ථාව මෙයයි.

 අවසන් වරට 2008 වසරේ මාර්තු මාසයේදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ කොදෙව්වන් අතර පැවති තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය එකට එකක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුනා.   

එම තරඟාවලියේ විශේෂත්වයක් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් රාජ්‍යයේදී ලැබූ පළමු ටෙස්ට් තරඟ ජය ද එහිදී වාර්තා කිරීමයි.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 121 ක ජයක් හිමිවුනා.

‍මෙවර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර ටෙස්ට් තරඟ 3 ක් පැවැත්වීමට නියමිතයි.

පළමු තරඟය                          ජූනි 6           ට්‍රිනිඩෑඩ්හි ක්වීන්ස් පාර්ක් ඕවල් ක්‍රීඩාංගණය

දෙවන තරඟය                        ජුනි 14         ශාන්ත ලුසියාහි ඩැරන් සැමි ක්‍රීඩාංගණය

අවසන් තරඟය                       ජූනි 23         කෙන්සින්ටන් ඕවල්  ක්‍රීඩාංගණය  (දිවා- රාත්‍රී )

 

         මේ අතර  දිවා- රාත්‍රී ටෙස්ට් තරඟ හදුන්වාදීමෙන් පසු මේ දක්වා තරඟ 8 ක් පවත්වා තිබෙනවා.

          පළමුවැන්න පැවැත්වුනේ ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර 2015 නොවැම්බර් මාසයේදීයි.

   බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දිවා- රාත්‍රී ටෙස්ට් තරඟ 02 කට සහභාගි වී තිබෙනවා. එහෙත් ඉන් එකක් හෝ ජය ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුනේ නැහැ.

 කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම 2017 ඔක්තෝම්බර් මාසයේ පකිස්ථානය සමඟ පැවති තරඟයෙන් ලකුණු 68 ක ජයක් ලැබුවා.

 

හිරු

  • Views 3