Post Thumb

10 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අද දින පස්වරුවේ සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසා සිටී.  ඒ සඳහා අතිරේක බස් රථ 150 ක් පමණ යෙදවීමට දැනටමත් කටයුතු  සූදානම් කර ඇති බව එහි මෙහෙයුම් අධිකාරී ආර්.ටී චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ ය. එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව සහ දිස්ත්‍රික් ලේකම්වරුන් මැතිවරණ කටයුතු සඳහා බස් රථ 1000 කට ආසන්න ප්‍රමාණයක් වෙන් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.  එසේම මෙම මැතිවරණය වෙනුවෙන් තම ඡන්දය ප්‍රකාශ කිරීමට දුර බැහැර පළාත් වලට යන ජනතාවට නැවත කොළඹ බලා යාමට ලබන 11 සහ 12 යන දින දෙක තුල මෙම අතිරේක බස් සේවාවන් ක්‍රියාත්මක කරන බව ආර්.ටී චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කරන ලදි.   

  • Views 3