වරාය ඇමතිගේ නිවස යැයි කියමින් මඩ ගහන නිවස  එතුමාට අයිති වූවක් නොවන බවත් එය වරාය අධිකාරිය සතු නිවසක් වන බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ප්‍රසන්න පෙරේරා මහතා පවසයි.

එතුමා වැඩිදුරටත් පැවසූයේ හොඳ වැඩක් කරද්දී සමාජයෙන් ගල් මුල් එල්ල වෙනවා. මේ නිවසේ සියලු නඩත්තු වීම් වරාය අධිකාරියේ සේවක මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙන් සිදුවෙනවා. කිසිදු ටෙන්ඩරයක් පිටතට දීලා වරායේ මුදල් පිටතට ගලා යාමක් සිද්ධ වෙන්නේ නැහැ. දැනට  ඉලක්ක කරමින් මඩ ගස්සන නිවාසය අමාත්‍යතුමාගේ නිවාසය ලෙස හුවා දක්වනවා. ඒක සම්පූරණයෙන් වැරදියි. ඒක වරායේ නිවාසයක්...” යනුවෙනි.

අර්ජුන රණතුංග මහතාට වරාය පරිශ්‍රයේ සුපිරි නිවසක් සාදන බවට බරපතල චෝදනාවක් එල්ල වී තිබුණි. නමුත් මේ වනවිට එම චෝදනා සියල්ල අසත්‍ය බව හෙළිවී තිබේ.

වරාය අධිකාරිය සතු මෙම සම්පත් පසුගිය පාලන සමය තුළ නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන්  ගරා වැටී තිබේ.

ඊට විසඳුමක් ලෙස අර්ජුන රණතුංග මහතා අදාළ නිවෙස් ප්‍රතිසංස්කරණයට කටයුතු කර තිබේ.  වැඩිදුර  විස්තර සඳහා වීඩියෝව නරඹන්න.

  • Views 137