Post Thumb

ලෝකයේ සතුටින්ම ජීවත් වන ජනතාව වෙසෙන රාජ්‍යයන් අතරට ශ්‍රී‍්‍ර ලංකාවත් එක්ව තිබෙනවා. නිව් ඉකොනොමික්ස් ෆවුන්ඩේෂන් ආයතනය නිකුත් කළ 2016 හැපි ප්ලැනට් ඉන්ඩෙක්ස් දර්ශකයට අනුව ශ්‍රී‍්‍ර ලංකාවට ලොව සතුටින්ම ජීවත් වන ජනතාව සිටින රටවල් අතර 28 වන ස්ථානය හිමිවුණා. රටවල් 140 ක් අතරිනුයි ශ්‍රී‍්‍ර ලංකාවට මෙම ස්ථානය හිමිව තිබෙන්නේ. එහිදී දකුණු ආසියාවේ පෙරමුණ හිමිව ඇත්තේ ද ශ්‍රී‍්‍ර ලංකාවට බවයි නිව් ඉකොනොමික්ස් ෆවුන්ඩේෂන් ආයතනය සඳහන් කළේ.

හැපි ප්ලැනට් ඉන්ඩෙක්ස් දර්ශකය සැකසීමේදී ආයු අපේක්ෂාව, මානව සංවර්ධනය, සමානාත්මතාව, සුභ සාධනය, ස්ථාවරත්වය සහ දළ දේශීය නිෂ්පාදනය යන සාධක සැළකිල්ලට ගෙන තිබෙනවා. ආයු අපේක්ෂාව සහ සමාජ සුභ සාධනය අතින් ශ්‍රී‍්‍ර ලංකාවට වැඩි ඇගයීමක් හිමි වුණා. මෙරට මානව හිමිකම් තත්වයේ වර්ධනයක් පෙන්නුම් කිරීම ද මෙම දර්ශකයෙන් ශ්‍රී‍්‍ර ලංකාව ඉදිරියට පැමිණීමට හේතුවක් වූ බවයි නිව් ඉකොනොමික්ස් ෆවුන්ඩේෂන් ආයතනය කියා සිටියේ. ලොව සතුටින්ම ජීවත්වන ජනතාව සිටින රට ලෙස නම් කර ඇත්තේ කොස්ටාරිකා රාජ්‍යයයි.

  • Views 93