Post Thumb

රියෝ ඔලම්පික් උළෙලේ දෙවන දිනයේ දී පිහිනුම් ඉසව් වලින් නව ලෝක වාර්තා 2ක් පිහිටුවීමට ස්වීඩනයේ සහ ඇමෙරිකාවේ ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණා. කාන්තා මීටර් 100 සමනල ආර ඉසව්ව තත්ත්පර 55.48කින් නිම කරමින් ස්වීඩනයේ සරා ජොස්රොම් ඇයගේම වාර්තාව අලුත් කිරීමට සමත් වුණා. වසරක් තුළ එම වාර්තාව අලුත්කළ තුන්වන අවස්ථාවවීම ද විශේෂත්වයක් වනවා. මීටර් 400 කාන්තා නිදහස් ආර ඉසව්වේ නව ලෝක වාර්තාව හිමිකම් කීවේ ඇමෙරිකාවේ කැටී ලෙඩිකායි.

ඇය විසින්ම පිහිටුවා තිබූ වාර්තාවයි විනාඩි 3යි තත්ත්පර 56.46කින් නිම කළේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිහිනුම් ඉසව්වලට එක්වූ කිමිකෝ රහීම් මීටර් 100 පසුපස ආර ඉසව්වේ දෙවැනි මූලික තරගයේ දී 4වන ස්ථානයටයි තරගය නිමකළේ. ඇය ගත කල කාලය විනාඩියයි තත්ත්පර 4.21ක්. පදක්කම් සටහනේ ඇමෙරිකාව චීනය, ඔස්ට්‍රේලියාව රන් පදක්කම් තුන බැගින් ලබා ගනිමින් ඉදිරියෙන් සිටිනවා.

  • Views 68