Post Thumb

රියෝ ඔලිම්පික් තරඟාවලියේ මීටර 100 නිදහස් ආර පිහිණුම් තරඟ ඉසව්වේ මූලික තරඟ ඊයේ (9) පැවැත්වුණා. ශ්‍රී‍්‍ර ලංකාව නියෝජනය කරමින් දෙවන මූලික තරඟයට සහභාගී වුණු මැතිව් අබේසිංහ එහි තුන්වන ස්ථානය දිනාගැනීමටයි සමත්වුණේ. තත්පර 50.93 ක තරඟ නිමි කාලයක් ඔහු සටහන් කර තිබුණා. ඔලිම්පික් තරඟාවලිය සඳහා ඔහු සුදුසුකම් ලබාගත් කාලය තත්පර 50.90කි. මූලික තරඟ සඳහා සහභාගී වුණු කී‍්‍රඩකයන් 59 දෙනෙක් අතරින් මැතිව් අබේසිංහට හිමිවුණේ 50 වන ස්ථානයයි. ඒ අනුව ඔහුට අවසන් පූර්ව තරඟය සඳහා සහභාගවීමේ අවස්ථාව ගිලිහී ගියා.

ශ්‍රී‍්‍ර ලංකාව නියෝජනය කරමින් අද පැවැත්වෙන තරඟ සඳහා කිසිදු කී‍්‍රඩකයෙක් සහභාගී නොවන අතර නිලූක කරුණාරත්න හෙට (11) බැට්මින්ටන් මූලික තරඟ සඳහා එක්වෙනවා. නිමාව දුටු තරඟ අතරින් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට මේ වනවිට චීනයයි සමත්ව සිටින්නේ. රන් පදක්කම් 8 ක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් 6 ක් සමඟ සමස්ථ පදක්කම් 17 ක් දිනාගෙන තිබෙනවා. රන් පදක්කම් 6 ක් සමඟ සමස්ථ පදක්කම් 22 ක් දිනාගත් ඇමරිකා එක්සත් ජනපදය දෙවන ස්ථානයේයි පසුවන්නේ. ඔස්ටේ‍්‍රලියාව පදක්කම් සටහනේ තුන්වන ස්ථානයේ රැඳී සිටිනවා.

  • Views 43