Post Thumb

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් අද (16) පැවැත්වේ.

අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කර ඇත්තේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ අදහස් සහ යෝජනා ලබාගැනීම සඳහා මෙම වැඩමුළුව සංවිධාන කර ඇති බවයි.

ක්ෂේත‍්‍රය පිළිබඳ ප‍්‍රවීණයන්ගේ දේශන සහ ඔවුන් සහභාගි වන සාකච්ඡා වටයක්ද මෙහිදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

  • Views 69