Post Thumb

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහා ගිණුම් සම්බන්ධ අධ්‍යක්ෂවරයෙකු පත් කිරිමට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගවලට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සංස්කාරක වෛද්‍ය නලීන් ද හේරත් මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ලබන සතියේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

මීට අමතරව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂවරයාගේ පත් කිරිම් සම්බන්ධයෙන් ද විරෝධය පළ කරන බව වෛද්‍ය නලින් ද හේරත් මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය  ලාල් පනාපිටිය මහතා කියා සිටියේ ඉතිහාසයේ මෙතෙක් කල් සෞඛ්‍ය අමාත්‍යංශයේ සියලු කටයුතු එක් අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු යටතේ හොඳින් සිදු වූ බවයි.

අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු පත් කිරිම හේතුවෙන් පරිපාලන කටයුතු අඩාල විය හැකි බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේය.


 

  • Views 47