Post Thumb

ශ‍්‍රී ලංකා ළමා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ 19 වන වාර්ෂික මහා සභා රැස්වීමේ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (11) පස්වරුවේ ගාලු මුවදොර හෝටලයේ දී පැවැත්විණි.

ළමා රෝග හඳුනා ගැනීමට සහ රෝග නිවාරණය වෙනුවෙන් සුවිශේෂි දායකත්වයක් ලබා දුන් වෛද්‍යවරුන් ඇගයීම වෙනුවෙන් මහාචාර්ය ආසිරි ගුණවර්ධන මහතාට, බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අමිත් ගුප්තා මහතාට සහ වෛද්‍ය ශ‍්‍රීනිකා කුලරත්න මහත්මියට ජනාධිපතිතුමා අතින් මෙහිදී සම්මාන පිරිනැමීය.

මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ශ‍්‍රී ලංකා ළමා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රම්‍යා ද සිල්වා, ලේකම් වෛද්‍ය සුරන්ත පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු එම සංගමයේ වෛද්‍යවරුන් පන්සියයකට ආසන්න පිරිසක් එක්ව සිටියහ.

එමෙන්ම දකණු ආසියානු එක්සත් අන්තරාසර්ග සමිතිය හා ශ‍්‍රී ලංකා අන්තරාසර්ග පිළිබඳ සමාජය එක්ව සංවිධානය කළ අන්තරාසර්ග විද්‍යා සැසිය කොළඹ ගලධාරී හෝටලයේ ඊයේ (11) පස්වරුවේ ආරම්භ වූයේ ද ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙනි.

මෙම විද්‍යා සැසිය අද (12), හෙට (13) සහ අනිද්දා (14) යන තෙදින තුළ එම හෝටලයේ දී පැවැත්වීම නියමිතය.

මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, ශ‍්‍රී ලංකා අන්තරාසර්ගෙවිදීන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය උදිත බුළුගහපිටිය යන මහත්වරුන් ඇතුළු එම සංගම්වල නියෝජිතයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

  • Views 99