Post Thumb

මෙරටට නිල සංචාරයක නිරත වී සිටින යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් අයිරිනා බොකෝවා මහත්මිය අද (15) මහනුවර ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව බොකෝවා මහත්මිය අද මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගැනීමට නියමිතයි. ඉන් අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ සංචාරයක නිරත වන ඇය සිය සංචාරය සිහිවීම පිණිස පේරාදෙනිය රාජකීය උද්භිද උද්‍යානයේ පැලයක් රෝපණය කිරීමට ද නියමිතව තිබෙනවා.

ඉන් අනතුරුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය හමුවන බොකෝවා මහත්මිය රාත්‍රී මහනුවර ඓතිහාසික දළඳා පෙරහැර නැරඹීමට ද එක්වනු ඇත. යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් අයිරිනා බොකෝවා මහත්මිය ඇතුලු දූත පසුගිය 13දා දිවයිනට පැමිණියා.

  • Views 74