Post Thumb

දුර ගමන් සේවා බස් රථවල ගමන් ගන්නා මගීන්ට ආහාර ලබාගැනීම සඳහා ස්ථාපනය කොට ඇති ආපන ශාලාවල පිරිසිදුභාවය, ආහාරපානවල ගුණාත්මකභාවය, සනීපාරක්ෂක පහසුකම් මෙන් ම ආහාරවල මිල ගණන් පිළිබඳ ව කඩිනමින් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලැබුණු පැමිණිලිවල වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් මෙලෙස ආපන ශාලා පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ. මෙම ආපන ශාලා පරික්ෂා කිරීමට කටයුතු කරන අතර ම ඉදිරියේ දී සති දෙකකට වරක් මෙම ආපන ශාලා පරීක්ෂා කර වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස අදාළ ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුවන් වෙත උපදෙස් ලබාදෙන බවත් පාලිත මහීපාල මහතා සඳහන් කර සිටිනවා. මෙම පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ ද සහයෝගය ලබාගැනීමට නියමිතයි.

  • Views 55