Post Thumb

මෙවර හඡ් වන්දනාව සඳහා දිවයිනෙන් පිටත්ව වූ ප්‍රථම බැතිමතුන් කණ්ඩායම සෞදි අරාබියේ, ජෙඩා නගරයට ගොස් තිබේ.

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු නිළධාරි කණ්ඩායමක් විසින් 62 දෙනෙකුගෙන් සමන්විත එම බැතිමතුන් පිරිස පිළිගෙන ඇත.

මෙවර හඡ් වන්දනාවට සහභාගීවීම සඳහා ශ්‍රී ලාංකිකයින් 2240 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

මැකා හී සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් හේතුවෙන් හඡ් වන්දනා සඳහා සහභාගී කර ගන්නා පිරිස අඩු කර ඇති බව වාර්තා වේ.

 

  • Views 147