Post Thumb

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ රාජකාරී කටයුතුවල නිරත වු ශාලාධිපතිවරුන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කළේ එම ශාලාධිපතිවරුන් සිව්දෙනාට සේවා කාලය පුරාවට  විභාග රාජකාරී ද තහනම් කර ඇති බවයි.

ගිරිඋල්ල, නුවරඑලිය සහ වැලිවේරිය යන අධ්‍යාපන කලාපවල රාජකාරී කටයුතු සිදුකළ ශාලාධිපතිවරුන් සිව් දෙනෙකු සඳහා මෙම දඞුවම ලබාදී තිබේ.

මේ වසරේ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් පැමිණිලි 50ක් පමණ ලැබී ඇති අතර ඒ අතර ප්‍රධාන සිද්ධීන් 4ක් පමණ වාර්තා වන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

අනෙක් සියලු පැමිණිලි සුළු සිද්ධීන් වන අතර එම සම්බන්ධයෙන් ද මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ගිය වසරට සාපේක්ෂව මේ වසරේ විභාග කොපි කිරීම, ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතය යන සිදුවිම් ඉතා අඩු මට්ටමක  පවතින බව වාර්තා වෙයි.

ගිය වසරේ එවැනි සිද්ධීන් පිළිබද පැමිණිලි 150ක් පමණ ලැබී ඇති අතර විභාග වැරදි සම්බන්ධයෙන් නිති දැඩි කිරීම හේතුවෙන් මේ වසරේ එවැනි සිදුවීම් වාර්තා වීම අඩු වී ඇති බව විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

  • Views 167