Post Thumb

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ඊයේ (15) රාත‍්‍රියේ සහ අද (16) අලුයම පැමිණි ගුවන් යානා 03ක් අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් හරවා යවා තිබේ. 

ඊයේ රාත‍්‍රී 8.35ට පමණ මුම්බායි සිට කටුනායකට පැමිණි ජෙට් එයාර් වේස් ගුවන් සේවයට අයත් යානයක් ඉන්දියාවේ කොච්චින් ගුවන් තොටුපොළ වෙත හරවා යවා ඇති අතර අලුයම 12.45ට මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට පැමිණි ගුවන් යානයක් කොච්චින් ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබේ.

එමෙන්ම ඩුබායි සිට අද(16) අලුයම පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් යානයක් ද මත්තල ගුවන් තොටුපොළ වෙත මෙලෙස හරවා යවා තිබේ.

  • Views 67