“ඇමෙරිකාවේ ඈත පිටිසර ගමකි. හාත්පසම හැලහොල්මනක් නොමැතිව දැඩිව නිහඩය. කුට්ටි කපන අදුරට හොල්මන්ද බිය වේ. මහ නයා තුඹසට වී ගැහෙයි. දරුණු සත්තු පවා සිටි තැනම ගල් ගැසී සිටිති. ගොවිපළේ ගොවියා ආදරයෙන් හදාවඩා ගත් එළුවන්ට වන්නට යන දේ දැන දැනත් අසරණව වේවලමින් සිටී. තව මොහොතකින් ගාලට කඩා වැද එළුවන්ගේ බෙලි කඩා ලේ උරා බොන චුපකාබ්රා පන්නා දැමීමට ඔහුට දිරියක් නැත.... ”

මේ අමෙරිකාවේ ගැමි කථාවක ලියවිය හැකි රචනයකි.මේ  කථාවට පාදක වන්නේ අභිරහස් ලෙස ලෝකයේ හොල්මන් කරන අභූත සත්වයෙකි. ඒ චුපකාබ්රා යි. එළුවන්ගේ ලේ උරා බොන යන අර්ථය ඇති මේ චුපකාබ්රා සත්තවයා ගැන විවිධ වාර්තා විටින් විට ඇමෙරිකාවෙන් මතු වේ. පෙනුමෙන් මේ සත්වයා කුඩා වලහකුට සමානය. බෙල්ලේ සිට පහළට විහිදෙන තියුණු උල් කටු පෙළක් පිටේ ඇත. තියුණු නිය සහිත චුපකබ්රාකුගේ පළමු පහර දීම වාර්තා වන්නේ 1995 වර්ෂයේදීය. ඇමරිකාවේ පුවටෝ රිකෝහිදී කළ එම පහර දීමෙන් බැටළුවන් අට දෙනෙකු ඝාතනය වී තිබේ.චීලි දේශයේ ඈත ප්‍රදේශවලින් පමණක් නොව ඇතැම් විට රුසියාව, පිලිපීන වැනි රටවලින්ද චුපකාබ්රාගේ සැහැසිකම් වාර්තා වී ඇත. එහි නවතම තොරතුර වාර්තා වෙන්නේ පෘතුග්‍රීසියෙනි.

වාසනාවකට පෘතුග්‍රීසියෙන් වාර්තාව වන චුපකාබ්රාගේ තොරතුර සැහැසිකමක් ගැන නොවේ. එය චුපකාබ්රා කැමරා දසුනකට ලක් කරගත් දුර්බල අවස්ථාවකි. පෘතුග්‍රීසියේ කාන්තාර ප්‍රදේශයකදී එම දුර්ලභ දසුන කැමරාවට හසු කර ගත් බව ඩේලිමේල් වෙබ් අඩවිය පවසයි. දෑත් වන වනා ඉදිරියට ඇදෙන චුපකාබ්රා හිස බිමට යොමු කරමින් කල්පනාවක නිරත ව සිටිය බවද එම වෙබ්අඩවිය ප්‍ර‍සිද්ධ කළ රූපරාමුවල දැක්වේ. කෙසේ වෙතත් කුඩා පස් කණ්ඩියකට මුවා වීමෙන් පසුව කැමරාවට හසු වූ චුපකාබ්රා අතුරුදන් වී ඇත.

  • Views 154