Post Thumb

යල කන්නයේදී වී මෙටි‍්‍රක් ටොන් දස දහසක් කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් මිල දී ගන්නා බව රජය පවසනවා. වී මිලදී ගැනීම සඳහා පත‍්‍රිකා නිකුත් කිරීම අද (18) සිදු කරන බව දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටුවේදී වී අලෙවි මණ්ඩල සහකාර ප‍්‍රාදේශීය කලමනාකරු ජේ එම් ගල්ගමුව ප‍්‍රකාශ කළේය.

නියමිත ප‍්‍රමිතියෙන් යුතු කීරි සම්බා කිලෝග‍්‍රෑමයක් රුපියල් 50කට මිල දී ගැනීමයි සැලසුමවී තිබෙන්නේ.සම්බා වී කිලෝග‍්‍රෑමයක් රුපියල් 41කට සහ නාඩු කිලෝග‍්‍රෑමයක් රුපියල් 38කට මිල දී ගන්නා බව ජේ එම් ගල්ගමුව මහතා සඳහන් කළේය. මිලදී ගැනීම් සිදුවන්නේ ගැට්ටුවාන, නිකවැරටිය, ගල්ගමුව, මහව, මා එළිය, වරා වැව සහ මීගලෑව යන මධ්‍යස්ථානවලිනි.

  • Views 45