Post Thumb

කෝටි හතරක් වටිනා අති සුඛෝපභෝගි වාහන හතරක් රේගුවෙන් නිදහස් කර ගැනීම සදහා බලපෑම් කළේ වරාය වෘත්තීය සමිති නායකයකුවන උදේනි කළුතන්ත්‍රි නැමැත්තා බව මේ වන විට අනාවරණය වී තිබේ. එම බලපෑම සම්බන්ධයෙන් මේ වන විට රේගු දෙපාර්තමේන්තුවත් වෙන වෙනම පරීක්ෂණ කරයි. රේගු දෙපාර්තමේන්තුවේ ප්‍ර‍කාශකයකු පැවසුවේ උදේනි කළුතන්ත්‍රි නැමැත්තා අදාල කන්ට්‍රේනරය විවෘත කරන අවස්ථාවට පැමිණ සිටි බවයි. දිගු වෙලාවක් එම ස්ථානයේ සිටි එම පුද්ගලයා විවිධ පුද්ගලයින්ට දුරකථනයෙන් කථා කරමින් රේගු නිලධාරීන්ට විවිධ දේ පැවසූ බවද රේගු ප්‍ර‍කාශයා කියා සිටියේය. මේ සම්බන්ධයෙන් අර්ජුන රණතුංග අමාත්‍යතුමාගේ උපදෙස් මත වරාය සහ නාවික අමාත්‍යාංශයද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයිද එහි ප්‍ර‍කාශකයෙක් කියා සිටියේය.

  • Views 138