Post Thumb

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක් දින තරගය කඩුලු 3කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වී තිබේ.

ඊයේ තරගයේ  පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ට ලකුණු 227ක් රැස්කර ගත්තේය.

එහිදී දිනේෂ් චන්දිමාල් ලකුණු 80ක්ද,කුසල් මෙන්ඩිස් ලකුණු 67ක්ද ලබා ගත් අතර පන්දු යැවීමේදී ජේම්ස් ෆොල්ක්නර් ලකුණු 38ට කඩුලු 4ක් දවාගැනීමට සමත්විය.

පසුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 5කදී කඩුලු 3ක් සමගින් ලකුණු 228ක් ලබා ගැනීමට සමත් වුණි.

ඒ අනුව තරගයේ ජය හිමිකරගත්තේ ඔස්ට්‍රේලියා කණ්ඩායමයි.

තරගයේ කාසිය වාසිය ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම දිනා ගත්තද පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම පන්දු රැකීමට තීරණය කරන ලදී.

  • Views 119