Post Thumb

බෙල්ලන්විල ඇසළ මහ රන්දෝලි පෙරහර 66වන වරටත් අගෝස්තු 27වනදා රාත්‍රි වීථි සංචාරය කෙරෙනවා. ඒ අනුව මල් පෙරහර ඊයේ (21) ආරම්භ වී ඇති අතර එය ලබන 24වනදා දක්වා පැවැත්වෙනවා. 25වනදා පාවාඩ පෙරහර, 26වනදා රන්සිවිලි පෙරහර ද පැවැත්වෙනවා.

27වනදා පැවැත්වෙන රන්දෝලි පෙරහර නැගෙනහිර වාහල්කඩින් පිටත් ව විහාර මාවත, දෙහිවල – මහරගම ප්‍රධාන මාර්ගය ඔස්සේ නැදිමාල බෝධිය කරා ගොස් ඇන්ඩර්සන් පාරෙන් බෙල්ලන්තොට හන්දිය, රත්මලාන පාර ඔස්සේ බෙල්ලන්තොට හන්දියෙන් නැවත දෙහිවල – මහරගම මාර්ගය ඔස්සේ ගොස් ශ්‍රී සෝමරතන මාවත, විහාර මාවත ඔස්සේ නැවත නැගෙනහිර වාහල්කඩින්ම විහාරස්ථානයට ගෙවදීමට නියමිතයි. 28වනදා උදෑසන දියකපන පෙරහර මංගල්‍යයෙන් අනතුරුව දේව දානය පැවැත්වීමෙන් බෙල්ලන්විල ඇසල මහා පෙරහර මංගල්‍ය නිමාවට පත් වනවා.

  • Views 67