Post Thumb

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂට ඇප නියම කෙරුණා. ඔහු සමග රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සෙසු සැකකරුවන් දෙදෙනාට ද ඇප නියම කිරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. සැකකරුවන්ට ඇප නියම කෙරුණේ  රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 4ක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ  මුදල් ඇප මතයි. නාමල් රාජපක්ෂට අමතරව ඇප නියම කෙරුණු සෙසු සැකකරුවන් වූයේ සුදර්ශ බණ්ඩාර ගනේගොඩ සහ නිත්‍යා සේනානි සමරනායක යන අයයි.

සැකකරුවන්ට ඇප නියම කළ ද ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කර තිබෙනවා. පරික්ෂණවලට අගතියක් වන ආකාරයේ කිසිදු ප්‍රකාශයක් වාචිකව හෝ ලිඛිතව සිදු නොකරන ලෙසට ද අධිකරණය අවධාරණය කළා.  නාමල් රාජපක්ෂ අයථා අන්දමින් උපයා ගත් මුදල් ගවර්ස් කෝපරේෂන් සහ එන් ආර් කන්සල්ටේෂන් යන සමාගම් හරහා විශුද්ධිකරණය කළ බවටයි ඔහු ඇතුළු සැකකරුවන්ට චෝදනා එල්ල කෙරුණේ. මේ පිළිබද වැඩිදුර මහේස්ත්‍රාත් පරික්ෂණ ලබන මස පළමුවනදාට කල්තැබුවා.

  • Views 35