Post Thumb

ආසියානු කුසලාන රග්බි තරගාවලියේ පිලිපීන කණ්ඩායම පරදා 25-21ක ජයක් හිමි කරගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ක්වාලාලම්පූර්හි රාජකීය සැලන්ගෝ ක්‍රීඩංගණයේ  පැවති මෙම තරගයේ පළමු අර්ධය නිමවන විට ලකූණු 20-21 ක් ලෙසින් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක් එල්ල කිරීමට පිලිපීනය සමත් වූ අතර අවසන් මිනිත්තුව වනවිට ඔවුන් ඉදිරියෙන් සිටියේ ලකුණු 21-20 ක් ලෙසිනි.

අවසන් මිනිත්තුවේදී ජේසන් දිසානායක වාර්තා කළ උත්සාහක දිනුම තරගයේ තීරණය ශ්‍රී ලංකාවට ලබාදීමට සමත් විය.

තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවෙමින් තරගාවලිය නිම කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර එහි පළමු ස්ථානය හිමි කරගැනීමට මැලේසියාව සමත් විය.

  • Views 58