Post Thumb

දිවයිනේ ප‍්‍රදේශ රැසකට බලපා ඇති අධික වැසි තත්ත්වයත් සමගින් වෙළෙඳපොලට එළවළු නිකුත් වීමේ අඩුවක් දක්නට ඇතැයි වාර්තා වේ. 

එහිදී වැඩිදුරටත් අනාවරණය වූයේ උඩරට ප‍්‍රදේශයෙන් වෙළෙඳපොළට එළවළු නිකුත් කිරීම සීඝ‍්‍ර ලෙස අඩු වී ඇති බවයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගම් සභාපති යූ.ඩී. ඒකනායක මහතා පවසා ඇත්තේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (16) උදෑසන වනවිට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට 90කින් පමණ අඩුවී ඇති බවයි.

එසේම හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේ අලෙවි ආහාර ප‍්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ ප‍්‍රධානී දුමින්ද ප‍්‍රියදර්ශන මහතා ප‍්‍රකාශ කර ඇත්තේ බොහෝමයක් එළවළු වල මිල ගණන් ද මේ වනවිට ඉහළ ගොස් ඇති බවයි. 

උඩරට මෙන්ම පහත රට ප‍්‍රදේශවලින් ද වෙළෙඳපොළට එළවළු නිකුත් කිරීමේ අඩුවක් පවතින බව එතුමා පවසයි. 

 

  • Views 64