Post Thumb

ගුණාත්මක අධ්‍යාපනයක් සදහා පවතින ගුරු පුරප්පාඩු පිරවීම සදහා උසස් පෙළ සමත් තරුණ තරුණයින් පන්දහසක් බඳවා ගැනීමට රජය තීරණයකර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

දිවයින පුරා පාසල්වල 22,500ක පමණ ගුරු හිඟයක් පවතිනවා. එයට පිළිතුරක් ලෙසයි උපාධිධාරීන් හා විද්‍යාපීඨ ඩිප්ලෝමා ධාරීන්ට අමතරව විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් සහිත උසස් පෙළ සමත් තරුණ තරුණයින් බඳවාගැනීමට තීරණයකර තිබේ.

තවද රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල ගොඩනැගිලි පරිසර හිතකාමී හරිත ගොඩනැගිලි ලෙස ඉදිකිරීමට හා පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. වර්තමාන ගොඩනැගිලි කෘතිම ආලෝකය හා වායුසමීරකණ මත පදනම්වීම හේතුවෙන් ආර්ථික මෙන්ම තාක්ෂණික ගැටලුද උද්ගතව තිබෙනවා. ඒ හේතුවෙනුයි පරිසර හිතකාමී ද්‍රව්‍ය හා උපක්‍රම යොදාගනිමින් හරිත ගොඩනැගිලි ලෙස නව ඉදිකිරීම් සිදුකිරීමට රජය තීරණයකර තිබේ.

 

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. දුම්රිය ගේට්ටු ආරක්ෂකයින්ගේ ගරු සේවයට ලබාදෙන දීමනා ඉහළ නැංවීම ද එක් යෝජනාවක්. අනුතුරු බහුල ස්ථානවල බෙල් ඇන්ඩ් ලයිට් දුම්රිය සහිත ගේට්ටු කඩිනමින් ඉදිකිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවුණා.

  • Views 58