Post Thumb

ඇමෙරිකා නිව්ජර්සි ප්‍රාන්තයේ සිදු වූ දුම්රිය අනතුරකින් 3 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව 100කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. තුවාල ලැබූවන්ගෙන් වැඩි පිරිසකගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. ඇමෙරිකා නිව්ජර්සි ප්‍රාන්තයේ හොබෝකෙන් දුම්රිය ස්ථානයේදීයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. අනතුර හේතුවෙන් දුම්රිය තුළ සිර වූ මගීන් බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. එහෙත් තවමත් සිරවූවන් විශාල සංඛ්‍යාවක් දුම්රිය තුළ සිටින බවයි වාර්තා වන්නේ. දුම්රිය ස්ථානයට ද අනතුරින් දැඩි අලාභහානි සිදුව තිබෙනවා.

  • Views 44